හර්ෂණ තුෂාර සිල්වා තන්තිරිමලේ සිට
‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ තන්තිරිමලේ පූජා භූමිය කේන්ද්‍ර කරගෙන සිදුකිරීම ප්‍රදේශයට දියුණුවක් ගෙනා බව උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ ප්‍රකාශ කළහ.
ලංකාදීප පොසොන් ආලෝක පූජාව නිසා තන්තිරිමලේ ප්‍රදේශය ආලෝකමත් වූවා පමණක් නොව ප්‍රදේශයේ ගැටලු රටට ලෝකයට කීමට ලංකාදීප පුවත්පත විශාල මෙහෙවරක් කළ බව ද නාහිමියෝ කීහ.
පහළොස්වැනි ‘ලංකාදීප පොසොන් ආලෝක පූජාව’ විවෘත කිරීමේ අවස්ථාවේදී අනුශාසනව කරමින් උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක තන්තිරිමලේ රජ මහ විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියන් විසින් අනුශාසනාව කරමින් එම කරුණු පැවසූහ.
තන්තිරිමලේ ප්‍රදේශයට විශාල අඩුපාඩුවක්ව ඇති ජලාශයක් ඉදි කිරීම ද මේ වනවිට ආරම්භ කර ඇති බව කී නාහිමියෝ ඒ සඳහා ලංකාදීප පුවත්පත විශාල මෙහෙවරක් වූ බව ද කීහ.
තවදුරටත් අනුශාසනාව කළ චන්දරතන නාහිමියෝ මෙසේ ද පැවැසූහ.
“එදා කටුකොහලින් පිරුණු මේ ජනවාසය විදුලි ආලෝකයෙන් ආලෝකමත් කරමින් රටට ලෝකයට හඳුන්වාදීම කටයුතු කළේ අපේ සභාපති රංජිත් විජයවර්ධන මහතා. ඔහුගේ දුර දක්නා නුවණින් ආරම්භ කරන ලද මේ වැඩසටහන අපේ ප්‍රදේශයට දියුණුවක් ගෙනාවා.
අපි මේ පොසොන් පොහෝය උදාවේ දී තවත් බලාපොරොත්තුවක් ඇති කරගන්නවා. අපේ පළාතට විශාල අඩුපාඩුවක් තිබුණු ජලාශයක් ඉදි කිරිමේ කර්තව්‍යය දැන් ආරම්භ වී තිබේ. එම කටයුත්තට ලංකාදීප පුවත්පත් විජය පුවත්පත් සමාගමත් මේ ආලෝක පූජාවත් විශාල පිටිවහලක් වුණා” යැයි ද විහාරයේ විහාරාධිපති තන්තිරිමලේ චන්දරතන නාහිමියෝ පැවැසූහ.
මෙහිදි ස්තූති කතාව කළ මහවිලච්චිය ප්‍රාදේශීය ලේකම් ඊ.එම් තිලකරත්න මහතා මෙසේ කීය.
“තන්තිරිමලේ මේ ආලෝක පූජාව අඛණ්ඩව 15 වැනි වතාවට පැවැත්වීමට ලංකාදීප පුවත්පත, විජය පුවත්පත් සමාගම විශාල මෙහෙවරක් කළා. විශාල කැපකිරීමක් කළා. අද දවස සුවිශේෂී දවසක්. මේ ගමන එන්න ලංකාදීප පුවත්පතත් විජය පුවත්පතත් විශාල සේවයක් කළා.
අති බිහිසුණු යුද්ධයක් තිබෙන අවස්ථාවකදී අනුරාධුපරයේ ජනතාව පවා එන්න බිය වෙද්දි අනුරාධපුරය, තන්තිරිමලේ රජ මහා විහාරය ගැන රටට ලෝකයට කියන්නට විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන මහතා සුවිශේෂී සේවයක් කළා.
ඒ නිසා මේ කර්තව්‍යය සාර්ථක කිරීමට අනුශාසනා දුන් මහා සංඝරත්නය, තන්තිරිමලේ පමණක් නොව මුළු මහත් රටම ආලෝකමත් කළ විජය පුවත්පත් සමාගමේ සභාපති රංජිත් විජයවර්ධන, උප සභාපති සුජාන් විජයවර්ධන මහතා ඇතුළු සමාගමේ කාර්යමණ්ඩලය, ලංකාදීප පුවත්පතේ ප්‍රධාන කර්තෘතුමා ඇතුළු කාර්යමණ්ඩලය, සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට කෘතඥ වෙනවා.
ඒ වගේම මේ වැඩසටහනට රාජ්‍ය ආයතන රැසක් සම්බන්ධ වුණා. ඔවුන් සියලු දෙනාටත්, තම දායකත්වය දැක්වූ සියලු දෙනාටත් සහභාගී වූ සියලු දෙනාටත් මගේ ස්තූතිය පුද කරනවා”.

