ලංකාදීප පුවත් පතේ පළවන ප්‍රවෘත්ති සහ ඊට අදාළ වීඩියෝ නැරඹීමේ පහසුකම ලංකාදීපයට ලැදි පාඨකයන් වෙත පිරිනැමීමට විජය පුවත් පත් සමාගම කටයුතු යොදා තිබේ.
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ පෙළේ දැන්වීම් සමාගමක් වන ගෘෘප් එම් සහ විජය පුවත් පත් සමාගම එක්ව ඔබවෙත ගෙනෙන මෙම විශේෂාංගය මගින් මුද්‍රිත මාධ්‍ය ක්ෂේත්‍රෙය් නිමා වළලු පුළුල් කෙරෙයි. මෙහි තාක්ෂණික සහාය FlitAR වෙතිනි.
අන්තර්ජාලයේ යෙදවුම් ගබඩා වන App Store හෝ Google Play වෙත පිවිස Wplay AR යෙදවුම බාගත කරගැනීමෙන් වීඩියෝ නැරඹීමේ පහසුකම් මෙන්ම වීඩියෝ පට වලට සවන්දීමේ පහසුකමද ලංකාදීප පාඨකයන්ට ලබාගත හැකිය. ඒ ඔස්සේ තව තවත් ඡායාරූප නැරඹීමේ අවස්ථාව මෙන්ම, විශේෂ වට්ටම්ද ලබාගත හැකිය.
Wplay AR යෙදවුම ඔස්සේ ප්‍රවෘත්ති අතර කිමිදීමේ අවස්ථාව ලංකාදීප පාඨකයන් වෙත ලැබෙන අතරම අංකිත විප්ලවයේ රූප හා ශබ්ද සැබෑ ලෙසම අත්දකිමින්, අපගේ පාර්ශ්වකරුවන්ගෙන් වඩාත් වාසිදායක වට්ටම් ලබාගැනීමේ අවස්ථාවද හිමිවෙයි.
ඒ සඳහා Wplay AR යෙදවුම විවෘත කර ඔබගේ ජංගම දුරකතනයේ කැමරාව ලංකාදීප පුවත් පතේ Wplay AR සංකේතය දිස්වන ස්ථානය වෙත යොමු කරන්න. එය ස්කෑන් කිරීමෙන් අනතුරුව ඔබ වෙත පිරිනැමෙන ආකර්ශනීය අත්දැකීම් ලබාගන්න.



