ලංකා විරෝධී ජගත් රැල්ලක්


එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රමුඛ බ්‍රිතාන්‍ය හා ඇමෙරිකාව සහ ඔවුන් සමග අත්වැල් බැඳගත් සංවිධාන රැසක් ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ පිළිබඳව නිරීක්ෂණය කිරීමට කටයුතු කරද්දී, එයට අවසර නොදීමට ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රජය ක්‍රියා කරතියි ‘ද ටෙලිග්‍රාෆ්‘ දකුණු ආසියා කතෘ ඩී ඈන් නෙල්සන් කියයි.

මානව හිමිකම් දැඩිසේ උල්ලංඝනය කර ඇති රටක් බවට ශ්‍රී ලංකාව නම් කිරීමට ජාත්‍යන්තරයට බලපෑම් කිරීමට  කැනඩාව හා ඕස්ට්‍රේලියාවේ වෙසෙන සමහරක් ශ්‍රී ලාංකික දෙමළ ජාතිකයන් පෙළ ගැසෙන බවත්, ශ්‍රී ලංකාව ලිඛිතව දක්වන ලද කොන්දේසි වුවමනාවෙන්ම කඩ කරමින් යුද අපරාධ වසන් කිරීමට යන බවත් ඔහු පවසයි.