ලංකා විත්ති 15 සපුරයි


ලන්ඩන් නුවරින් පළ කැර ලන්ඩනයේත්, කැනඩාව,  ඕස්ටේ‍්‍රලියාව, නවසීලන්තය හා ශ්‍රීලංකාවේ ද නොමිලයේ බෙදාහරින ”ලංකා විත්ති” පුවත්පත පහළොස්වැනි සංවත්සරය පැවැත්වීය. ලංකාවේ සිට ලන්ඩනයට ගිය දයා ආනන්ද රණසිංහ 1997දී ඇරැඹූ මේ පුවත්පතේ සංස්කාරවරයා ය. කා අතරත් ජනාදරය දිනා සිටින ඔහු උතුරු ලන්ඩනයේ නිවසේ සිට තනිවම පුවත්පතේ සියලූ කටයුතු කරයි. එය විශ්වකර්ම වැඩකියි බොහෝ දෙනෙක් කියති. මේ පුවත්පත නොමිලයේ බෙදාහැරෙයි.