බිඟුන් මේනක ගමගේ
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම රාජ්‍ය ආයතන 3500ක් අධිවේගී අන්තර්ජාල තාක්ෂණය හරහා එකිනෙකට ජාල ගත කිරීමේ ‘ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතිය’ ට මේ වනවිට රාජ්‍ය නිලධාරින් අසූ හාර දහසක් පමණ නිල වශයෙන් ලියාපදිංචි වී ඇතැයි ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) පවසයි.
කාර්යක්ෂම පුරවැසි සේවා සැපයීම සදහා රාජ්‍ය ආයතන එකිනෙකට සම්බන්ධ කරමින් එම ආයතන අතර කඩිනමින් තොරතුරු හුවමාරු කර ගැනීම මෙම ව්‍යාපෘතිය මගින් සිදුකෙරෙන අතර මේ සම්බන්ධයෙන් රාජ්‍ය නිලධාරින් දැනුම්වත් කිරීමට මේ දිනවල පළාත් මට්ටමින් වැඩමුළු පැවැත්වේ.
අමාත්‍යංශ, දෙපාර්තමේන්තු, සංස්ථා, දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, පළාත් සභා ලේකම් කාර්යාල, කලාප අධ්‍යාපන කාර්යාල සහ පළාත් පාලන ආයතන ඇතුළු රාජ්‍ය ආයතන 815 ක් පමණ ලංකා රාජ්‍ය ජාල ව්‍යාපෘතියේ දෙවන සංස්කරණයේ පළමු අදියර යටතේ මේ වන විට ජාල ගත කර ඇතැයි එම ආයතනය කියයි.
ඉදිරියේදී මෙම සෑම රාජ්‍ය ආයතනයක් සදහාම ව්‍යාපෘතිය පිළිබද පුර්ණ නිපුණතාවයක් සහිත නිලධාරියෙකු බැගින් පත්කිරීමට නියමිත යැයි ද ව්‍යාපෘතිය සම්බන්ධයෙන් මතුවන ඕනෑම ගැටලුවකදී උපදෙස් දීමට තමන් නොපැකිලව කටයුතු කරන්නේ යැයි ද ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ විශේෂ ව්‍යාපෘති කළමනාකරු කාංචන තුඩුගල මහතා පවසයි.