ලංකා යෝජනාව ජිනීවා විවාදයට


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකා වේලාවෙන් අද සවස ශ්‍රී ලංකාව පිළිබඳ විවාදය ඇරැඹීය.

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය ඇතුළු රටවල් කිහිපයක් සමඟ ශ්‍රී ලංකාව මෙම යෝජනාව ඉදිරිපත් කරයි.

විවාදය පැවැත්වෙනුයේ ජිනීවාහිදී ය.

ශ්‍රී ලංකාවේ සිදුවීයැයි කියන යුද අපරාධ දේශීය යාන්ත්‍රණයකින් පරීක්ෂා කළ යුතු යැයි ශ්‍රී ලංකාව ඉදිරිපත් කළ යෝජනාවට එම රටවල් ද අසල් වැසි ඉන්දියාව ද සහාය දක්වයි.

මෛත්‍රීපාල සිරිසේන හා රනිල් වික්‍රමසිංහ නව රජය මානව හිමිකම් සුරැකීමට හා යහපාලනය වෙනුවෙන් ඇති කළ ක්‍රියාමාර්ගය ජපානය, වියට්නාමය, මැසිඩෝනියාව ඇතුළු රටවල් රැසක්ම ප්‍රශංසා මුඛයෙන් කතා කළේය.

ඇමෙරිකා නියෝජිතයා යෝජනාවට සහයෝගය දක්වමින් පැවසුයේ පසුගිය ජනවාරියේ සිට ශ්‍රී ලංකාන නියම මාර්ගයේ ගමන් කරන බවයි.

සිදුවීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ නව රජය ගත් ක්‍රියාමාර්ග පැසසුම් කළ යුතු බවත් එහෙත් තවත් බොහෝ දේ කිරීමට ඇති බවත් ඇමෙරිකා නියෝජිතයා කීවේය.

පීඩාවට පත්වූවන් වෙනුවෙන් යුක්තිය හා සාධාරණය ඉෂ්ඨ කිරීම හා වගවීම ඉන් ප්‍රධාන කරුණු බව ද ඔහු කීවේය.

මංගල සමරවීර විදේශ ඇමැති  හිතකර ලෙස මෙම ප්‍රශ්නය ගැන කරුණු දැක්වීයැයි ද ඔහු කීවේය.

19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධණය පැනවීම ද ඇමැරිකාවේ පැසසුමට ලක් විය.

බෙල්ජියම හා නවසීලන්තය ද ශ්‍රී ලංකාවේ නව රජය ගෙන ඇති ක්‍රියාමාර්ග ගැන ප්‍රසාදය පළ කළේය.

(විවාදයේ සජීවී වීඩියෝව බලන්න...)