මෙරට මානව හිමිකම් තත්ත්වය සම්බන්ධයෙන් ජගත් මානව හිමිකම් කොමසාරිස්වරයා ඉදිරිපත් කළ නිර්දේශ සහ ලක් රජයට සහාය පළ කරමින් ඇමරිකාව ඉදිරිපත් කළ යෝජනාව පිළිබඳ විවාදයේදී මානව හිමිකම් කවුන්සිලයේ සාමාජික රටවල් ජිනිවා මානව හිමිකම් සමුළුවේදී අද (30) අදහස් දැක්වීමට නියමිතය
එය ශ‍්‍රී ලංකා වේලාවෙන් පස්වරු 3.0 - 3.30 ත් අතර කාලයේදී ආරම්භ වනු ඇතැයි ජිනීවා තානාපති ආරංචි මාර්ග පවසයි.
ශ්‍රී ලංකාවේ අවසන් යුද සමයේ ශ‍්‍රී ලංකාවේ සිදුවූවා යැයි පැවසෙන මානව හිම්කම් කඩවීම් පිළිබඳ සොයා බැලීම සඳහා හයිබ්‍රිඩ් අධිකරණයක් පිහිට විය යුතු බවට එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහකොමසාරිස් සෙයිද් අල් හුසේන් කුමරු යෝජනා කර තිබු අතර එහෙත් මානව හිමිකම් පිළිබඳව සොයා බැලීමට ලක් රජය යෝජනා කළ දේශීය යාන්ත‍්‍රණයට සහාය පළ කරමින් ඇමරිකාව ජීනිවා මානව හිමිකම් කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ අතර ඊට බි‍්‍රතාන්‍යය ප‍්‍රමුඛ රටවල් කිහිපයක් සම අනුග‍්‍රහය දක්වන බව ද ප‍්‍රකාශ කළේය. ඒ අතර ඕස්ටේ‍්‍රලියාව මෙන්ම පැරණි යුගොස්ලෝවියා ජනරජ දෙකක් වන මොන්ටිනීග්‍රෝ සහ මැසිඩෝනියාවද සිටී. ශ‍්‍රී ලංකාව ද ඇමරිකා යෝජනාවට සම අනුග‍්‍රහය දක්වයි.

