මාල දිවයින් ආරක්ෂක අංශ ප්‍රධානී මේජර් ඡෙනරල් අහමඩ් ෂෙයාම් මහතා අද ගුවන් හමුදා මුලස්ථානයට පැමිණ ශ්‍රී ලංකා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමු විය.
එහිදී ගුවන් හමුදා කොළඔ කදවුරු අණදෙන නිළධාරි එයාර් කොමොඩොර් ඩි.ජේ.සී වීරකෝන් මහතා විසින් ඔහු පිළිගත් අතර ගුවන් හමුදා වර්ණ පක්ෂාංගය විසින් ආචාර පෙළපාලියක් ද පවත්වන ලදි.
මෙම හමුවේදී දෙරටේ ආරකෂක තත්වය පිළිබඳ කරුණු රැසක් සාකච්ඡා කළ අතර මාලදිවයින් ආරක්ෂක ප්‍රධානී ජෙනරාල් අහමඩ් ෂෙයාම් මහතා හා ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කෝලිත ගුණතිලක අතර හමුවීම සිහි ගැන්වීම පිණිස විශේෂ සමරු තිළිණ හුවමාරුවක්ද සිදු විය.









