අමල් වික්‍රමරත්න
ලංකා භූමිතෙල් තොග වශයන් අලෙවි කිරීම තහනම් කරමින් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත නියෝගයක් නිකුත් කළ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ධම්මික රණතුංග මහතා පැවසීය.
මේ අනුව අද සිට ලංකා භූමිතෙල් රථවාහනවලට, කර්මාන්තශාලාවට, බවුසර්වලට සහ තොග වශයෙන් භාජනවලට මෙන්ම බැරල්වලට නිකුත් කිරීම නීති විරෝධී කටයුත්තක් වන බවද සභාපතිවරයා පැවසීය.
එවැනි වරදක් සිදු කළහොත් ඉන්ධන පිරවුම්හලට සීල් තබන බවත් අදාළ තැනැත්තාගේ ඉන්ධන බෙදාහැරීමට ලබාදී තිබු බලපත්‍රය අහෝසි කරන බවද සඳහන් කළේය.
ලංකා භූමිතෙල් සහ කාර්මික භූමිතෙල් ලෙස භූමිතෙල් වර්ග දෙකක් වෙළඳපොළේ විකිණීමට ඇති බව පවසන සභාපතිවරයා ලංකා භූමිතෙල් යනු සාමාන්‍ය පරිභෝජනය සඳහා රජයේ සහනාධාරය යටතේ අඩු ආදායම් ලාභී ජනතාවට සහ ධීවර ප්‍රජාව ඉලක්ක කර අලෙවි කෙරෙන භූමිතෙල් බව පැවසීය.එම භූමිතෙල් රතු පැහැයෙන් යුක්ත බව සඳහන් කරයි.
2015 වර්ෂයේ ලංකා භූමිතෙල් අලෙවිය හා 2017 වර්ෂයේ පසුගිය මාසවල ලංකා භූමිතෙල් අලෙවිය සංසන්දනය කරන විට ලංකා භූමිතෙල් පරිභෝජනය වැඩි වී ඇතැයි ද අනාවරණය වී ඇත.
ඩීසල්වලට භූමිතෙල් කලවම් කළහොත් එම වරද සිදුකරන පිරවුම්හල්ද තහනම් කරන බව පවසමින් දිවයිනේ සියලුම පිරවුම්හල් වෙත චක්‍රලේඛනයක් නිකුත් කරමින් දැන්වූ බව වැඩිදුරටත් කීවේය.
ලැබී ඇති පැමිණිලි පිළිබඳව කඩිනම් හදිසි පරීක්ෂණ සිදුකිරීම වැඩිකර ඇති බවද සභාපතිවරයා පැවසීය.

