ලංකා නමටත් කැළලක්


ඉන්දියා නිදහස් දිනයට විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගීවූ ඇමරිකා ජනපති බරක් ඔබාමාට ඉන්දියාවේ වාසය කරන ශී‍්‍ර ලංකා හා මාලදිවයින් ජනයා අතර තිබෙන ජාතිවාදී කණ්ඩායම් වලින් ජීවිත තර්ජනයක් එල්ලවීමේ අවදානමක් තිබෙන බවට එරට බුද්ධි අංශ අනතුරු අඟවා තිබේ.

මෙම කණ්ඩායම් වලට අමතරව ඉන්දියාවේ කි‍්‍රයාත්මක අන්තවාදී ස්වරූපයෙන් යුතු කණ්ඩායම් වන හින්දු සේනා වැනි කණ්ඩායම් වල ප‍්‍රධාන ඉලක්කයක් වන්නේ ඇමරිකා ජනපතිවරයා බව බුද්ධි අංශ නිකුත් කර තිබෙන වාර්තාවේ සදහන් වේ.

මෙම කණ්ඩායම් වල වෛරයට ජනපති ඔබාමා හේතුවීමට ප‍්‍රධානම හේතුව ඔහු ප‍්‍රමුඛ ඇමරිකාව පකිස්තානය හා සමීප සබදතාවක් පවත්වාගෙන යෑම බව පැවසේ.පකිස්තානයට උදවු කරන ඇමරිකාව ඉන්දියාවට ද්‍රෝහී වී ඇතැයි හින්දු සේනා වැනි කණ්ඩායම් වලින් නැගෙන චෝදනාවයි.

මෙනිසාම ඉන්දියාවේ සිටින ගමන් බලපත‍්‍ර දිගුවන් ලබාගෙන සිටින ශී‍්‍ර ලංකා හා මාලදිවයින් ජාතිකයින් පිළිබඳව සෝදියෙන් සිටින ලෙස එරට ආරක්ෂක අංශ හා පොලිසියට උපදෙස් ලබාදී ඇත.