ලංකා දොස්තර රෝහලේ ජනප්‍රිය චරිතයක්


සිය සැමියා වන දොස්තර දිනේන්ද්‍ර අතුකෝරාල මරා දැමීයැයි ඔහුගේ බිරිය   චමරි රසිකා දෙනුවන්ත ගුණතිලක ලියනගේට එරෙහිව ඕස්ට්‍රේලියා පොලිසිය මිනීමැරුම් චෝදනා ඉදිරිපත් කර ඇත.

දොස්තර අතුකෝරල (34) ජනවාරි 24 වැනි දා ඕස්ට්‍රේලියාවේ ජෙරල්තන්හි සිය නිවසේ දී තුවාල ලබා රෝහලට රැගෙන ගිය නමුත් මරුමුවට පත් වූ බව ඕස්ට්‍රේලියා පොලිසිය කියයි.

ලබන සිකුරාදා ඇය ජෙරල්තන් මහේස්ත්‍රාත් උසාවියේ පෙනී සිටීමට නියමිතය.

ඕස්ට්‍රේලියාවේ පදිංචිව සිටිය දී ඝාතනයට ලක්ව ඇති දිනේන්ද්‍ර අතුකෝරළ මහතා (34) අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ ආසි ශිෂ්‍යයෙකි.

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඔහු විශිෂ්ඨ සම්මාන අටක් ලබා උසස් පෙළ විභාගයෙන් ද විෂයයන් හතරම සමත්ව ඇත.

ඔහු පේරාදෙණිය විශ්ව විද්‍යාලයයෙන් වෛද්‍ය උපාධිය දිනාගත්තේය.

දිනේන්ද්‍රගේ පියා අනුරාධපුර ශාන්ත ජෝසප් විද්‍යාලයයේ විශ්‍රාමික විදුහල්පතිවරයෙකි. මෙම ඝාතනය සම්බන්ධ තොරතුරු දැගනැමීමත් සමඟ දිනේන්ද්‍රගේ සොහොයුරන් වන කේජා ශ්‍රී අතුකෝරළ හා රංගන අතුකෝරල යන අය ඕස්ට්‍රේලියාවට ගොස් ඇත.

දොස්තර දිනේන්ද්‍ර පර්ත් නුවර එම වෛද්‍ය මධ්‍යස්ථානයේ ජනප්‍රිය වෛද්‍යවරයෙකි.