ලංකා ගෑණු කුවේට් ගණිකා වෙන්දේසියේ


කුවේට්  හා සෞදි අරාබියේ හාම්පුතුන්ගෙන් හිරිහැර හා වද හිංසාවලට  ලක්වී හිර මැදිරි හා රැදවුම් නිවාසවල සිටි ශ්‍රී ලාංකික කතුන් 40 දෙනකු ඇතුළු  125 දෙනෙක් අද කටුනායකට ආහ. ඇතැමෙන් අනුන්ගෙන් ඉල්ලාගත් ඇඳුමින් ආහ. ඇතැමකුගේ දෙපයේ සෙරෙප්පු නොවීය. එහි සිටි කතුන් කිහිප  දෙනකුම කීවේ කුවේට්හි පරවානියා, හවලි, ජහාරා හා පාහීල් නගරවල ලංකා කතුන්  ගණිකා සේවය සඳහා වෙන්දේසියේ විකුණන බවයි. ලංකාවේ ගෑණුන් අසුනක වාඩිකරවා ඩිනාර් 500-සිට 800 දක්වා (රුපියල් ලක්‍ෂ 2 1/2 -ලක්‍ෂ තුන)  වෙන්දේසි කරනවා. බඩදරු අම්මාලාත් දරුවන් ලැබුණු අම්මලාත් එහි සිටිනවා.”යැයි එක් කතක් කීවාය.