ලංකා ඉන්දියන් ඔයිල් සමාගම (ලංකා අයි.ඕ.සී.) ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල අද (22) මධ්‍යම රාත්‍රියේ සිට රුපියල් 5කින් අඩු කිරීමට එම සමාගම තීරණය කර ඇත.
ඒ අනුව ලංකා අයි.ඕ.සී. සමාගමේ ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 137ක් දක්වා අඩුවනු ඇත.
ලංකා අයි.ඕ.සී. සමාගම ඉකුත් දා ඔක්ටේන් 92 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 5කින් වැඩි කිරීමට පියවර ගෙන තිබිණි.
ශ්‍රී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ පෙට්‍රල් ලීටරයක මිලද රුපියල් 137කි.
055

