(බිඟුන් මේනක ගමගේ)
ශ්‍රී ලංකාව - සිංගප්පූරු ද්විපාර්ශ්වික වෙළඳ ගිවිසුමේ සිංහල පිටපත ලබන සතියේ දී පාර්ලිමේන්තුවට ලබා දෙන්නේ යැයි ජාත්‍යන්තර වෙළ ඳ හා සංවර්ධන උපායමාර්ග අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.
එහි ඉංග්‍රීසි පිටපත පිටු 1200කට අධික වන බැවින් සිංහල පිටපත සංඛ්‍යාත්මකව විශාල වනු ඇතැයි ඔහු අවධාරනය කළේය.
ගිවිසුමේ අන්තර්ගතය ගැන නිවැරදි කරුණු සන්නිවේදනය නොවීමට මෙම භාෂා ප්‍රශ්නය බලපා ඇතැයිද එම නිසා සිංහල පිටපත කඩිනමින් ලබාදීමට අමාත්‍යංශය අවධානය යොමු කළේ යැයි ද එම නිලධාරියා වැඩි දුරටත් සඳහන් කළේය.