ලංකා - උස්බෙකිස්තාන් සහයෝගිතා ගිවිසුමක්


(අංජුල මහික වීරරත්න)

ශ්‍රී ලංකා - උස්බෙකිස්තාන්  ද්වි පාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමට අත්සන් තැබීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකාව සහ උස්බෙකිස්තානය අතර දේශපාලන, ආර්ථික, විද්‍යාත්මක, තාක්ෂණික, සංස්කෘතික, වෙළෙඳ සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගීතාව පුළුල් කිරීමේ අරමුණින් ද්විපාර්ශ්වික උපදේශන යාන්ත්‍රණයක් ස්ථාපිත කිරීම පිළිබඳ අවබෝධතා ගිවිසුමකට එළඹීමට යෝජනා වී ඇත. 

ඒ අනුව, අදාළ අවබෝධතා ගිවිසුම දෙපාර්ශ්වය අතර අත්සන් තැබීම පිණිස විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යවරයා  ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.