(මනෝප්‍රිය ගුණසේකර )
අයථා ලෙස උපයා ගත් රුපියල් කෝටි 4 කට අධික දේපොළවල හිමිකරුව සිටීම සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා ඇති නඩුවේ වැඩි දුර සාක්කි විමසීම ලබන ජුනි 06 වැනිදා පැවැත්වීමට කොළඹ ප්‍රධාන මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා නියම කළේය.
මෙම නඩුව කැඳවු අවස්ථාවේදී රෝහිත අබේගුණවර්ධන මහතා අධිකරණයේ පෙනී නොසිටි අතර රෝගී තත්ත්වයකින් ප්‍රතිකාර ලබන බව ඔහුගේ නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය.
එම කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා එම නියෝග නිකුත් කළේය.