රෝහිත බෝගොල්ලාගමට එරෙහි අල්ලස් නඩුව කල් යයි


(නිමන්ති රණසිංහ)
ශ්‍රී ලංකා ආයෝජන  මණ්ඩලයේ සභාපතිවරයා ලෙස  සිටිමින්  එම ධුරය අයුතු ලෙස භාවිත කර බ්‍රිතාන්‍ය ලන්ඩන් නුවර පැවැති ගැනුම්කරුවන්ගේ හමුව සඳහා මහා භාණ්ඩාගාරයේ  චක්‍රලේඛන වලට  පටහැනිව ඇමෙරිකා ඩොලර් 3622 ක් ලබා ගැනීමට බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් ලක්ෂ්මන්  ආර් වටවල මහතා පොළඹවන ලදැයි හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතාට එරෙහි අල්ලස් නඩුව ලබන ඔක්තෝබර් 22 දක්වා කල් තැබීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා නියෝග කළේය.


 2006 අගොස්තු 23 වැනි දින  ලන්ඩන් නුවර පැවැති මෙම හමුවට සහභාගී වී සිදු වුවා යැයි කියන මෙම දුෂණය  සිද්ධිය සඳහන් කරමින් අල්ලස්  කොමිසම  චෝදනා දෙකක් යටතේ කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණයේදී  නඩු පවරා ඇත.