රෝහිත අබේගුණවර්ධන නිදහස්


(මනෝප්‍රිය ගුණසේකර)

ඇමැතිවරයකු ලෙස කටයුතු කළ වසර හතරක කාලයේ රුපියල් කෝටි හතරකට අධික මුදල් හා දේපොළ සොයාගත් බවට  අල්ලස් කොමිසම, අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතාට එරෙහිව පවරා තිබූ නඩුවෙන් ඔහු  අද ( 19)  නිදහස් කළේය.

විත්තිකරුට එරෙහි මෙම නඩුව තවදුරටත් පවත්වාගෙන නොයන බවට අල්ලස් කොමිසම කළ දැනුම් දීමක් පිළිගත් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳි මහතා සියලු චෝදනාවලින් ඔහු  මෙලෙස  නිදහස් කළේය.

ඉකුත් 2010 -14 අතර කාලයේ අමාත්‍යවරයකු  ලෙස සේවය කරමින් සිටියදී සිය වත්කම් හා දේපළවලින් උපයාගත නොහැකි වූ රුපියල් ලක්ෂ 412 ක මුදල් හා දේපොළවලට හිමිකරුව සිටි බවට අල්ලස් කොමිසම විසින් ඔහුට විරුද්ධව චෝදනා නඟා තිබිණි.