(යොහාන් භාසුර)
රුපියල් කෝටි 80 කට ආසන්න වටිනාමින් යුත් නවීණ ගිලන් රථ 25 ක් සහ කැබ් රථ 38 ක් රෝහල් සහ ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවලට සෞඛ්‍ය අමාත්‍යංශයේදී අද (17) පිරිනැමීය.
සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් එම ගිලන් රථ සහ කැබ් රථ බෙදාදුන්නේය.
රථයක් රුපියල් ලක්‍ෂ 110 ක් පමණ වන කැබ් රථ 38 ට ආසියානු සංවර්ධන බැංකුවේ සහ සෞඛ්‍ය පද්ධතිය වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතියේ අරමුදල්වලින් ද, එකක් රුපියල් ලක්‍ෂ 150 ක් පමණ වන ගිලන් රථ 25 මුදල් අමාත්‍යංශයේ මුදල්වලින් ද, සෞඛ්‍ය අමාත්‍යංශයට ලබාදී තිබේ. මෙම ගිලන් රථ දුෂ්කර ප්‍රදේශවල රෝහල්වලට ලබාදීමට කටයුතු කර තිබුණි.

