අමල් වික්‍රමරත්න
ප්‍රධාන ඉල්ලීම් 03ක් සඳහා විසඳුම් නොලැබීම හේතුවෙන් අද සිට දිවයින පුරා රජයේ රෝහල් වල සංකේත වැඩවර්ජනයක නිරත වීමට තීරණය කර බව රජයේ විකිරණ තාක්ෂණ වේදින්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් ධර්ම කීර්ති ඈපා මහතා පැවසීය.
විකිරණ තාක්ෂණවේදීන්ගේ රාජකාරි වෙනත් පුද්ගලයින්ට පැවරීමල විකිරණ තාක්ෂණවේදීන්ට හිමි ශිෂ්‍යත්ව වෙනත් අයට ලබාදීම සහ අමතර සේවා ගෙවීමේදී ඇතිවී තිබෙන ප්‍රශ්න විසදා දෙන ලෙස අමාත්‍යංශ මට්ටමින් සාකච්චා සිදුකලද මෙතෙක් ඒවාට විසදුම් නොලැබීම හේතුවෙන් මෙසේ වර්ජනය කරන බවට ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
සංකේත වැඩවර්ජනය මගින් ගැටලු සඳහා විසඳුම් නොලැබුණහොත් ලබන 15 පසුව සියලු සේවාවන් වලින් ඉවත්වන බවට තීරණයක් ගෙන ඇති බවද එතුමා පැවසීය.

