
(රංජන්ශා කස්තුරි සහ ශාන්ත රත්නායක)
ඖෂධවේදීන් හා ඖෂධ සංයෝජකයින් අද (26) පැවැත්වූ සංකේත වැඩ වර්ජනය හේතුවෙන් කොළඹ ජාතික රෝහලෙන් ප්‍රතිකාර ගැනීමට පැමිණි රෝගීන්ට ඹෟෂධ කොළඹ නගර සභාවේ පිහිටි ප්‍රධාන ඔසු සලෙන් ලබාගැනීමට සිදු වූහ.
ජාතික රෝහලේ වෛද්‍යවරුන් රෝගීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ලබා දුන් තුණ්ඩුවට මෙලෙස ඔසු සලෙන් බෙහෙත් ලබා ගැනීම සිදු විය.
ඔසුසල වෙත ඖෂධ ලබා ගැනීමට විශාල ජනතාව පැමිණිම සිටිනු දැක ගත හැකි විය.
අද (26) දිනයේ පමණක් ඔසු සල මඟින් ලබාදෙන ඖෂධ නොමිලේ ලබාදීමට කටයුතු කර තිබුණී.



( ඡායාරූප ශාන්ත රත්නායක)

