(සුජිත් හේවාජුලිගේ )
රෝහල්වල අඩුපාඩු සහ පහසුකම් සපුරා ගැනීමට උදව් වන්නයි තමා මෙරට දානපතියන් ගෙන් ඉල්ලීමක් කරන බව කොරෝනා මර්දන රාජ්‍ය ඇමතිනි විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය පැවසුවාය .
කොවිඩ් මරණවල වැඩි වීමක් ඉදිරියේ සිදුවුණු ඇතැයි පුරෝකථනය කර ඇති බවත් ඊට මුහුණ දීම සඳහා රෝහල් පහසුකම් වැඩි කිරීමට රජයට සිදුවනු ඇති බවත් ඇය සඳහන් කළාය.
රෝහල්වල දැඩිසත්කාර ඒකක පහසුකම් වැඩිදියුණු කරද්දී ඒවාට අවශ්‍ය උපකරණ ලබා ගත යුතුව තිබෙන බව කී රාජ්‍ය ඇමතිවරිය මෙයට අමතරව ඔක්සිජන් ,ස්වසන පහසු උපකරණ ඇතුළුදේවල්ද වැඩි වැඩියෙන් මිලදී ගැනීමට සිදුවන බවත් ප්‍රනාන්දුපුල්ලේ මහත්මිකීවාය .
තම තමන් ජීවත් වන ප්‍රදේශවල රෝහල් සමග සම්බන්ධ වී පුංචි හෝ ආධාරයක් කරඒවායේ පහසුකම් දියුණු කර ගැනීමට උදව් වන්නැයි ද ඇය මෙරට දානපතියන් ගෙන් වැඩිදුරටත් ඉල්ලීමක් කරන්නීය.

