( රංජන් කස්තුරි )
රෝහල් 29 ක උසස් පෙළ විභාග මධ්‍යස්ථාන පිහිටුවන බව විභාග කොමසාරිස් ජනරාල් එල්.එම්.ඩී ධර්මසේන මහතා පැවසීය.
කොවිඩ් අසාදිත සිසුන්ට එම රෝහල් විභාග මධ්‍යස්ථානවල සිට විභාගයට පෙනී සිටිය හැකි බවද කොමසාරිස්වරයා කීවේය.
ඒ සෑම විභාග මධ්‍යස්ථානයකම උසස්පෙළ සිසුන් වෙනුවෙන් වෛද්‍යවරුන් කණ්ඩායමක් රාජකාරියේ තබන බවද ඔහු පැවසීය.
කොවිඩ් ආසාදිත උසස්පෙළ සිසුන්ට එම විභාග මධ්‍යස්ථානවලදී අවශ්‍ය වුවහොත් ප්‍රතිකාරද ලබා දෙන බව ඔහු සඳහන් කළේය.

