(පුෂ්පකුමාර මල්ලවආරච්චි)
මීරිගම මුලික රෝහලේ වෛද්‍ය අධිකාරි ජයන්ත අබයරත්න මහතා හිටිහැටියේ මිනුවන්ගොඩ රෝහලට මාරු කිරීමට විරෝධය පල කරමින් මීරිගම මූලික රෝහලේ වෛද්‍යවරුන් හෙදහෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය විරෝධතාවයක නිරතවිය.
මීරිගම රෝහලේ වැඩි දියුණුව සදහා ඇප කැපවී කටයුතු කරන වෛද්‍ය අධිකාරිවරයා මෙසේ හිටිහැටියේ මාරු කර යැවීමෙන් රෝහලේ සිදුකෙරෙන සියලු සංවර්ධන කටයුතු වලට බාධා පැමිනෙන බවටද විරෝධතාවයේ නිරතවූවෝ සදහන් කළහ.