පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී කොළඹ දිස්ත්‍රික්කයේ එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයින් ලබාගත් මනාප ඡන්ද යළි ගණන් කරන ලෙස ඉල්ලා හිටපු රාජ්‍ය අමාත්‍ය සහ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනී රෝසි සේනානායක මහත්මිය ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි ලබාදීමෙන් පසුව නොවැම්බර් 30 වැනිදා පෙත්සම සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේය .
පෙත්සම බුවනෙක අලුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන සහ අනිල් ගුණරත්න යන ශ්‍රේෂ්ඨාධිකරණය ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳවිණි.

