රෝමයේ වෙසක් ලබන ඉරිදා


ඉතාලියේ රෝම බෞද්ධ විහාරස්ථානයේ වෙසක් පිංකම සහ යුරෝපයේ විශාලතම බුද්ධ ප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ පිංකම ඉරිදා (18) පෙරවරු  අටට ඇරැඹීමට නියමිතය.

 එදින අටසිල් සමාදන් වීම, දිලුම් පොන්නම්පෙරුම මහතා ඇතුළු පිරිස විසින් පිරිනමන  දහවල් මහා බත් දන්සල  සහ චින්තක මහතා විසින් විසින් නිර්මාණය කළ දර්ශනීය පහන් කූඩුව සහ බුද්ධ ප්‍රතිම වහන්සේ නිරාවරණය කිරීමට නියමිත බව විහාරාධිපති මොල්ලිගොඩ ධීරානන්ද නාහිමියෝ පවසති.

බුදු පිළිමයේ උස අඩි හතර හමාරකි.බර කිලෝ හාරදහසකි.