ඉතාලියේ කොරෝනා වෛරසය පැතිරීම මැඩපැවැත්වීම සඳහා රෝමයේ කතෝලික පල්ලි සියල්ලම මහජනයා සඳහා වසා දැමීමට පියවර ගෙන ඇතැයි වාර්තා වේ.
ඉතාලියේ මියගිය සංඛ්‍යාව 1000 ඉක්මවා යාම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර රෝමයේ පාප්තුමාගේ නියෝජිතයා විසින් එම නිවේදනය සිදුකර තිබේ.
කාදිනල් ඇන්ජලෝ ඩි ඩොනාටිස් පැවසුවේ අවම වශයෙන් අපේ‍්‍රල් 3 වැනිදා දක්වා රෝමයේ පල්ලි 900 ක් වසා තබන බවයි.
වතිකානුව මේ වන විටත් ශාන්ත පීතර චතුරශ්‍රය, ශාන්ත පීතර බැසිලිකාව සහ වතිකානු කෞතුකාගාරය සංචාරකයින් සඳහා වසා දමා ඇති අතර ඒවායේ මංගල උත්සව හා අවමංගල්‍ය කටයුතු පැවැත්වීම අත්හිටුවා ඇත.
මෙලෙස පල්ලි වසා දැමීම මින් පෙර සිදුනොවූ දෙයක් ලෙස සැලකේ.
කාදිනල්තුමා පැවසුවේ අවසානයේදී රෝමයේ පල්ලි වසා දැමීමට තමා පෙලඹුණේ 'සාමාන්‍ය ජනතාවගේ යහපත සැලසීම' සඳහා බවයි.
(ඬේලි මේල් ඇසුරිණි - 085)




