රෝම ලෙඩේට ඉක්මනින් බේත්


රෝමයේ ශ්‍රී ලංකා තානිපති කාර්යාලයයේ  ගැටලුකාරී තත්ත්වය පිළිබඳ ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග  මහතාගේ අවධානය යොමු වී තිබේ.

ඒ මහතා එසැණ සමඟ කියා සිටියේ එක් අයකු විසින්  සමස්ත නිලධාරීන්ටම කෙනෙහිලිකම් සිදු කරන්නේ නම් ඒ මගින් තානාපති කාර්යාලයයේ සේවා අඩපණ විය හැකියි.රට සල්ලි ගෙනෙන ඉතාලියේ ජීවත් වන  ලක්ෂයකට අධික ශ්‍රී ලාංකිකයන්ට ඉන් අසාධාරණයක් සිදු වන අතර විදේශ ලේකම් කරුණාතිලක අමුණුගම මහතා සමඟ  සාකච්ඡාකර ඉතා ඉක්මනින්  මේ පිළිබඳව තීරණයක් ගන්නා බව  ඒ මහතා කියයි.

මේ පිළිබඳ සිදු කළ  අනාවරණය පිළිබඳව ජනාධීපති ලේකම්වරයා  එසැණට සිය ස්තූතිය පුද කළේය.