රෝදයක් කැඩී ගියත් යානය ගොඩබස්සයි


පසුගිය ජනවාරි හය වැනිදා ඕස්ට්‍රේලියාවේ මැන්ගලෝර් ගුවන් තොටුපොළේ ගුවන් ධාවන පථයට රෝද දෙකෙන් සැහැල්ලු ගුවන් යානයක් ගොඩ බැස්සවීමේ පුවතක් වාර්තා වේ.

යානයේ එක් රෝදයක් ගුවනේදී කැඩී ගිය පසු පිපර් (21) නම් ගුවන් නියමුවා ඉතා දක්ෂ ලෙස තම යානය පාලනය කර ගනිමින් ගොඩ බැස්සුවේය.

පැය 120ක ගුවන් යානා ධාවනය පිළිබඳ පළපුරුද්දක් ඇති පිපර්ගේ මෙම අති දක්ෂ ක්‍රියාව පැසසිය යුතු බව එරට ගුවන් බලධරයෝ පවසති.