පෙනහළු බද්ධය සාර්ථකව සිදු කිරීමෙන් පසු ‘ඔහු නැවතත් හුස්ම ගනී‘ (හී බ්‍රීතස් අගේන්) යනුවෙන් තම සැමියා නිහාල් ජයමාන්න වෙනුවෙන් ඇය පොතක් ලීවාය. සැමියා වෙනුවෙන් ඔහු රෝගී වූදා සිට ඔහුව සුවපත් කිරීමට ගත් වෙහෙස ඔවුන් දෙදෙනාගේ එකම පුතණුවන් වන තිලංක කළ මහත් කැපවීම මෙන්ම ලංකා ඉතිහාසයේ පළමු වතාවට මෙරටදී පෙනහළු බද්ධය සාර්ථකව සිදුකිරීමට හැකිවීමේ අත්දැකීම සම්බන්ධයෙන් රෝහිනී ජයමාන්න මහත්මිය ඇගේ කෘතියෙන් කියන්නීය.
අගවිනිසුරු කේ.ශ්‍රීපවන් මහතාගේ ප්‍රධානත්වයෙන් අඟහරුවාදා (1) පස්වරුවේ කොළඹ පදනම් ආයතනයේදී ‘හී බ්‍රීතස් අගේන්‘ කෘතිය දොරට වැඩීමේ උත්සවය පැවැත්විණි. අගවිනිසුරුට හා නිහාල් ජයමාන්න වෙනුවෙන් වෙහෙසවූ වෛද්‍යවරු රැසකටද එහිදී රෝහිනී ජයමාන්න මහත්මිය අතින් කෘති පිළිගැන්වීම සිදුවිය.



