රොටුඹ ත්‍රී රෝද රථ අනතුරින් තිදෙනෙක් මරුට



 
 
(එස් .ඩී. කොඩිකාර )
 
 
බෙන්ගමුව රොටුඹ  මාර්ගයේ දාබෝගල ප්‍රදේශයේ  අවමඟුල් උත්සවයකට සහභාගී වීමට ත්‍රිරෝද රථයකින් ගමන් ගත් සිව් දෙනෙකු තිරිංග අවහිර වීම හේතුවෙන්  මාර්ගය අයිනේ තිබූ පොල් ගසක ගැටී  එහි ගමන්ගත්  තිදෙනෙකු මියගිය බව පොලිසිය පවසයි.
 
රියදුරු බරපතල තුවාල ලබා ඌරුබොක්ක, හීගොඩ රජයේ රෝහලට ඇතුළත් කර  වැඩිදුර ප්‍රතිකාර සඳහා ඇඹිලිපිටිය රෝහලට මාරු කර යැවූ බව රොටුඹ පොලීසිය කියයි.
 
මෙම අනතුරෙන් මියගොස් ඇත්තේ අරබෙකඩේ, උඩ පස්ගොඩ, පදිංචි අබේවික්‍රම කන්දගේ අමරපාල (50) , පීල්ලගෙදර, දෙකන්ද, බෙංගමුව, පදිංචි සේපාල කරවිල (34) කන්දගේ සුරංග සහ  නාදුගල ,මාතර  පදිංචි වේරගොඩගේ පද්මසිරි යන අය වේ.

ඡායාරූප - ජයන්ත නානයක්කාර