(ප්‍රියංක ගමගේ)
සේපාල රත්නායකගේ අමිල සම්පත් හෙවත් රොටුඹ අමිල සහ රණවකගේ ධම්මික නුවන් රණවක හෙවත් කළුවා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරු එළඹෙන ජුනි 04 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහේස්ත්‍රාත් ශෂිකා මිථුනආරච්ච්චි මෙනවිය නියෝග කළාය.
පසුගිය ඔක්තෝබර් 27 වැනි දින මාතර රොටුඹ ප්‍රදේශයේ දී නාලක පුෂ්ප කුමාර යන ව්‍යාපාරිකයා සහ ජාසිංකන්දගේ නිලංග සඳරුවන් යන ඔහුගේ සහායකයා රොටුඹ ප්‍රදේශය වෙළඳසල තුළදී ටී-56 ගිනි අවියකින් වෙඩිතබා ඝාතනය කිරීමට තැත්කිරීමේ සිද්ධිය ඩුබායි සිට මෙහෙයුම් බවට දුරකතන විශ්ලේෂණ වාර්තා බුද්ධි තොරතුරු සහ විමර්ශනවලදී අනාවරණය වීම මොවුන්ට විරුද්ධව ඇති චෝදනා වේ.
කළුවා ඩුබායි සිට පිටුවහල් කිරීමේදී රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපල ඒකකය අත්අඩංගුවට ගෙන පසුව රොටුඹ පොලිසිය විසින් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් බන්ධනාගාර ගත කෙරිණි.
එලෙසම මෙම ඝාතනයට තැත් කිරීම සඳහා සහාය ලබා දුන් තවත් පුද්ගලයින් හය දෙනෙකු මේ වන විට ඉදිරිපත් කිරීමට රොටුඹ පොලිසිය කටයුතු කර ඇති අතර එම අපරාධය සඳහා භාවිතා කළ උණ්ඩ රස පරීක්ෂණ වාර්තාව ලබාගැනීම සඳහා අද (21) රොටුඹ පොලිසිය කටයුතු කර තිබිණි.
මාකඳුරේ මධුෂ් සමඟ ඩුබායිහි පැවති සාදයක දී අත්අඩංගුවට පත්ව එරටින් පිටුවහල් කිරීමෙන් අනතුරුව රහස් පොලිසියේ කටුනායක ගුවන් තොටුපොළ ඒකකය විසින් මොවුන් අත්අඩංගුවට ගැණිනි.

