හරාරේහිදීය (රොයිටර්)
දශක හතකර තම පාලනය අවසන් කරමින් සිම්බාබ්වේ ජනාධිපති රොබට් මුගාබේ අද (21) එරට ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස්විය.
බි්‍රතාන්‍යයන්ගෙන් නිදහස ලබාගැනීමෙන් අනතුරුව රොබට් මුගාබේ 1987 වසරේදී එරට අග්‍රාමාත්‍යධුරයට පත්වූ අතර 1987 වසරේ ජනාධිපතිධුරයට පත්විය.
හමුදා පාලන කටයුතුවලට මැදිහත් වීමත් සමඟ දශක හතරක් සිම්බාබ්වේ පාලනය කළ මුගාබේට පසුගිය සතියේදී නොසිතු අයුරින් තර්ජනයක් එල්ල විය. ඊට දින කිහිපයකට පසු සිම්බාබ්වේ පාලක පක්ෂය වන සානු පී.එෆ් පක්ෂය රොබට් මුගාබේ පක්ෂ නායකත්වයෙන් ඉවත් කරන ලද අතර ජනාධිපතිධුරයෙන් ඉවත් වීමට පැය 24ක කාලයක් ලබාදුන්නේය.
එය ඉල්ලීම ඉවත ලූ රොබට් මුගාබේ තමන් බලයෙන් ඉවත් නොවන බව ප්‍රසිද්ධ ප්‍රකාශයක් කරමින් කියා සිටියේය. මේ අනුව සඳහන් කළ අයුරින්ම සානු පී.එෆ් පක්ෂය අද (21) රොබට් මුගාබේ ජනාධිපතිවරයාට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කරන ලදි.
දෝෂාභියෝග විවාදය පාර්ලිමේන්තු තුළ පැවැත්වෙන අවස්ථාවේදී රොබට් මුගාබේ තමන් ජනාධිපතිධුරයෙන් ඉවත් වන බව පාර්ලිමේන්තුවට ලිපියක් එවමින් සඳහන් කළේය.
අනූතුන් හැවිරිදි වියේ පසුවන රොබට් මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව කතානායක ජාකෝබ් මුඩෙන්ඩා නිවේදනය කළ අතර දෝෂාභියෝග ක්‍රියාවලිය නවතා දැමීමට ද හෙතෙම කටයුතු කළේය. රොබට් මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වී ඇති බව නිවේදනය කිරීමත් සමඟ පාර්ලිමේන්තුව තුළ ද සැමරීම් සිදු වූ බව වාර්තා විය.
මුගාබේගේ මෙම හදිසි කඩා වැටීම ආරම්භ වූයේ සිම්බාබ්වේ පාලක ප්‍රභූ පිරිස් අතර ඇති වූ මතභේදාත්මක තත්ත්වය මතය. මුගාබේ ඔහුගෙන් පසු ජනාධිපතිධුරයට පත්වීමට නියමිතව සිටි හිටපු උප ජනාධිපති එමර්සන් ම්නන්ගග්වා එම ධුරයෙන් ඉවත් කිරීමත් සමඟ පාලක සානු පී.එෆ් පක්ෂය තුළ දෙකඩ වීමක් ඇති විය.
මුගාබේ ඔහුගේ බිරිඳ ග්‍රේස් මුගාබේ ජනාධිපතිධුරයේ අනුප්‍රාප්තිකය කිරීමේ උත්සහායක නිරත වන බවට එමර්සන්ට හිතවත් පාර්ශවවලින් චෝදනා එල්ල විය.
මුගාබේගේ එම තීරණයත් සමඟ පසුගිය සතියේදී එරට හමුදාව පාලන කටයුතුවලට මැදිහත් විය. කිසිදු හමුදා කුමන්ත්‍රණයක් සිදුව නැතැයි ද මුගාබේ වටා සිටින අපරාධකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමේ මෙහෙයුමක් දියත් කර ඇතැයි ද එම අවස්ථාවේදී හමුදාවේ ප්‍රධානීහූ කීහ.
හිටපු උප ජනාධිපති එමර්සන් සිම්බාබ්වේ හි නව ජනාධිපතිවරයා ලෙස පත්වීමට නියමිතය. සිම්බාබ්වේ හි යුද ප්‍රවීණයන්, සානු පී.එෆ් පක්ෂයේ බහුතරයගේ සහාය හිමිව ඇත්තේ ද එමර්සන්ටය.
රොබට් මුගාබේ ජනාධිපතිධුරයෙන් ඉල්ලා අස් වූ බව අනාවරණය වීමත් සමඟ එරට ජනතාව වීදි බැස ප්‍රීති ඝෝෂා නගන්නට වූහ.
සුළුතර සුදු පාලනය අවසන් කිරීමෙන් සිම්බාබ්වේ දැන සිටි එකම නායකයා වූයේ මුගාබේය. එහෙත් දැන් එම පාලනය අවසන්ව තිබේ.
055

