රේස් පැද්ද යතුරුපැදි 8ක් අල්ලයි


(ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

කොට්ටාව හොරණ 280 බස් මාර්ගයේ යතුරු පැදි තරඟ  සදහා සහභාගී වූ පැදිකරුවන් අට දෙනෙකු ඒ සදහා භාවිතා කළ යතුරු පැදි අටක් සමග අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ , බ්‍රාහ්මණගම , කලල්ගොඩ , රුක්මල්ගම , බත්තරමුල්ල සහ හිරිපිටිය යන ප්‍රදේශවල පදිංචි  අවුරුදු 20 - 25 අතර වයසේ පසුවන අට දෙනකු බව පොලිසිය කියයි.

අධික ශබ්ද නගමින් ජනතාවට පීඩා ගෙන දෙමින් යතුරුපැදි තරග පවත්වන බවට 119 හදිසි ඇමතුම් අංකය හරහා පොලීසියට තොරතුරක් ලැබී තිබුණි.

ඒ අනුව කොට්ටාව පොලිසියේ රථවාහන අංශයේ නිලධාරී කණ්ඩායමක් කොට්ටාව හොරණ බස් මාර්ගයට ආවේශන රාජකාරියෙන් ගොස් පරීක්ෂා කිරීමේදී කොට්ටාව හන්දියේ සිට මත්තේගොඩ හන්දිය දක්වා යතුරුපැදි තරග පවත්වමින් සිටිනු දැක තිබේ.

පසුව එම තරග සඳහා සහභාගී වූ යතුරුපැදි අටක් නවතා භාරයට ගැනීමට යාමේදී ඉන් යතුරු පැදි පහක් පලාගිය අතර පසුව පොලිස් නිලධාරීන් ඒ පසුපස හඹා ගොස් එම පැදිකරුවන් පස්දෙනා අත්අඩංගුවට ගත් බව පැවසේ.

පොලිස් භාරයට ගත් යතුරු පැදිවල කාබරේටර් , සයිලන්සර් වෙනස් කර තිබූ අතර පැති කන්නාඩි පවා ඉවත් කර තිබූණි