රේගේ යානය කටුගෙට


රජයක් ලෙස  නව නිර්මාණ කරුවන්ට සහාය ලබා දිය යුතු යැයි ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මහතා පැවසීය.

 නව  නිපැයුම් කරුවකු සහ ගුවන් නියමුවකු වූ අභාවප්‍රාප්ත රේ විජේවර්ධන මහතා විසින් නිර්මාණය කරනලද 4ආර් රේ ගුවන්යානය රත්මලාන ගුවන් හමුදා කෞතුකාගාරයේ තැන්පත් කිරීම  අද සිදු විය.  

නාරහේන්පිට ආර්ථික මධ්‍යස්ථානයක තිබී එය සොයා ගැනිණි.  

අභාවප්‍රාප්ත විද්‍යාජ්‍යෝති රේ විජයවර්ධන මහතා රෝද දෙකේ ට්‍රැක්ටරය ද නිර්මාණය කළේය.

මෙම සැහැල්ලු ගුවන් යානය චිත්‍රපට අධ්‍යක්ෂවරයකු වූ චන්ද්‍රම් රත්නම් විසින් හිටපු ජනපති පුත් යෝෂිත රාජපක්ෂට ලබා දී තිබිණි. ඒ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයෙන් විමර්ශනයක් සිදු කැරෙයි.

01(4) 02(3) 03(4) 04(2)

DSC03588 DSC03616 DSC03648