රේගුවේ තිදෙනෙක් අල්ලස් දැලේ : කෝටි දොළහමාරක් අරන්


ලංකා ගමනාගමන මණ්ඩලයට අමතර කොටස් සපයන ආයතනයක හිමිකරුවකුගෙන් රුපියල් කෝටි 12.5 ක පගාවක් ගැනීමට තැත් කළැයි රේගු නිලධාරීන් තිදෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව අල්ලස් හෝ දූෂණ චෝදනා කොමිසම කියයි.

රේගු අධිකාරී සුධීර පරාක්‍රම ජිනදාස, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ජගත් ගුණතිලක සහ සහකාර රේගු අධිකාරී එම්.ඩී.යූ.ජී.පෙරේරා ඔවුහුය.

ආනයනය කළ භාණ්ඩ තොගයකට ගෙවිය යුතු රුපියල් කෝටි 150 ක රේගු ගාස්තු නිදහස් කිරීම සඳහා රුපියල් කෝටි 12.5 ක අල්ලසක් ඉල්ලා ඇතැයි කොමිසම කියයි.