(සුජිත් හේවාජුලිගේ)
කොළඹ වරායෙන් කන්ටේනර් 323ක් පිට කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු සොයා බලන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ශ්‍රී ලංකා රේගුවේ තවත් ප්‍රධානියකුගෙන් එන සතියේදී ප්‍රශ්න කිරීමට නියමිතය.
එම කමිටුව ප්‍රසිද්ධ සමාජ ක්‍රියාකාරිකයෙකු වන නාගානන්ද කොඩිතුවක්කු මහතාගෙන් ඊයේ පැය දෙකකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
මේ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් මේ දක්වා ප්‍රශ්න කර ඇති සංඛ්‍යාව දහයකට වැඩිය.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සභාපතිත්වය දරණ මෙම කමිටුවේ අවසන් වාර්තාව එහි මුල් රැස්වීමේ සිට මාස තුනක් ඇතුළත පාර්ලිමේන්තුවට භාරදීමට නියමිතය.

