(මහින්ද නිශ්ශංක,ඡායාරූප - චතුර එස් කොඩිකාර)
රේගු සමාජ ආරක්ෂණ ඒකකයේ පාරිභෝගික ආරක්ෂණ අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබූ රුපියල් ලක්ෂ 310ක් පමණ වටිනා ව්‍යාජ භාණ්ඩ 130000 තොගයක් ඔරුගොඩවත්ත ආර්.සී.ටී ආයතනයේදී අද(22) විනාශ කෙරිණි.
ආනයනකරුවන් 9 දෙනකු විසින් ගෙන්වා තිබූ මෙම ව්‍යාජ භාණ්ඩ තොගයට සෙල්ලම් බඩු, පැන්සල් පෙට්ටි, වාහන අමතර කොටස්, දුරකථන බැටරි හා ආරෝපක ඇතුළු භාණ්ඩ ඇතැයි රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු අධ්‍යක්ෂ සුනිල් ජයරත්න මහතා පැවසීය.





