අමල් වික්‍රමරත්න
වැටුප් විෂමතාවයක් මුල්කරගනිමින් කොළඹ වරායේ ආනයනික අංශයේ රේගු නිලධාරීන් ආරම්භ කළ අතිකාල සේවයෙන් ඉවත්වී අකුරට වැඩකිරීමේ වෘත්තීය ක්‍රියාමාර්ග අද(02) සවස 3.00 ට අත්හැර දැමූ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පැවසීය.
අමාත්‍යවරයාගේ මැදිහත්වීමෙන් ලබන සදුදා(05) දිනයේ සවස 3.00 ලබා දීමට පොරොන්දුවීම නිසා වෘත්තීය ක්‍රියාමාර්ගය අවසන් කර ඇත.
මේ අතර ජාතික වැටුප් කොමිසමෙන් ලබන බ්‍රහස්පතින්දා (08) දහවල් 11.00 ද සාකච්චාවකට ආරාධනා ලැබුණු බව රේගු නිලධාරී සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පැවසීය. මෙම සාකච්චා වලදී යහපත් ප්‍රතිචාරයක් ලැබෙතැයි අපේක්ෂා කරන බවත් මේවන විට ආනයන අංශයේ ගොඩගැසී ඇති බහාලුම් අද සහ හෙට නිශ්කාෂණයට කටයුතු කරන බව පැවසීය.

