රේගු පරීක්ෂක බෝම්බෙන් බේරෙයි


කොළඹ වරායට බෝම්බයක් ගෙන යන්න හැදුවැයි සැකපිට අත්අංගුවට ගත් රේගු පරීක්ෂක මුදා හළ බව පොලිසිය කියයි.

පොලිස් හදිසි ඇමතුම් අංකයට ලද තොරතුරක් මත කළ පරීක්ෂාවකදී ඉගුරුකඩේ හන්දිය වරාය පිවිසුම් දොරටුවේ දී ඔහු ආ වාහනය පොලිසිය විසින් පරීක්ෂා කළ අතර එහි තිබී විදෙස් රටක නිෂ්පාදිත අත්අබෝම්බයක් සොයා ගනු ලැබීය.

  රේගු පරීක්ෂක අපරාධයක පටලැවීමේ අදහසින් වෙනත් පුද්ගලයකු විසින් අත්බෝම්බය වාහනයට දමා පොලිසියට දුරකතන ඇමතුමක් දුන් බව පෙනේයැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අජිත් රෝහණ මහතා කියයි.