රේගු නිලධාරීහු වැඩ වරති


(මහින්ද නිශ්ශංක)

ශ්‍රී ලංකා රේගුවේ  අධ්‍යක්ෂක ජනරාල් පී.එස්.එම් චාල්ස් මහත්මිය ඉවත් කර ඒ වෙනුවට  නාවික හමුදාවේ විශ්‍රාමික රියර් අද්මිරාල් ශමිල් ප්‍රනාන්දු මහතා පත් කිරීමට විරෝධය දක්වා රේගු දෙපාර්තමේන්තුවේ සියළු රේගු නිලධාරීන් අද (30) වැඩ වර්ජනයක් අරඹා තිබේ.

රේගු අපනයන සහ ගුවන්තොටුපොල හැර අපනයන ඇතුළු සියළුම රේගු අංශවල මෙම වැඩ වර්ජනය අඛණ්ඩව ක්‍රියාත්මක වන බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සම ලේකම් තුසිත අධිකාරම් මහතා පැවසීය.

 මෙම වර්ජනය හේතුවෙන්  භාණ්ඩ නිශ්කාශනය කිරීම ඇතුළු සියළු වැඩ කටයුතු ඇන හිට ඇතැයි ඒ මහතා සඳහන් කළේය.