රේගු නිලධාරීහු කළු පටි පැළඳ සේවයට


(මහින්ද නිශ්ශංක)

රේගු බලධාරීන්ගේ වැටුප් විෂමතාවය විසදීමට බලධාරීන් මෙතෙක් පියවර නොගැනීමට විරෝධය දක්වමින් සියලු රේගු නිලධාරීන් කළුපටි පැළඳ රාජකාරියේ යෙදීමේ වෘත්තීය ක්‍රියාමාර්ගයක් අද (25) සිට ආරම්භ කළ බව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ලාල් වීරකෝන් මහතා පවසයි.

කළුපටි පැළඳ රාජකාරියේ යෙදීම ලබන සතිය දක්වා ක්‍රියාත්මක කර අනතුරුව දින දෙකක වැඩ වර්ජනයක යෙදීමට තීරණය කර ඇතැයි ද හෙතෙම කියයි.