රේගු ඇහැ වහන්න බැරිවේ අසුවේ


චෙන්නායි බලා යාමට අකුරණින් ආ පස් දෙනකුගේ ගමන් මලූවලින් රුපියල් ලක්ෂ පනහක් වටිනා රත‍්‍රන් හා රට සල්ලි එළියට ගැනීමට රේගුව අද සවස සමත්විය. පියා සහ දරුවන් සේ පෙණුනු මෙම පිරිසේ ගමන් මලූවල රන් කැබලි තුනක්ද, ඇමරිකා ඩොලර්, සෞදි රියාල්, යුරෝ,  ඕස්ටේ‍්‍රලියා ඩොලර් තුබූ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එම්. ආර්. රාජ් මොහාන් මහතා කියයි.