රූපවාහීනි නාලිකා නිවේදකයාට සහ පුතුට ඇප


 

 

ටෝනි කරුණනායක

 

කඩවත සුපිරි වෙළඳසල් රථ ගාලකදී පුද්ගලයකුට තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කළැයි චෝදනා ලැබ රිමාන්ඩ් බාරයේ සිටි රාජ්‍ය රූපවාහිනි නාලිකාවක නිවේදකයා සහ ඔහුගේ පුතුට ඇප දීමට මහර මහේස්ත්‍රාත් හේෂාන්ත ද මෙල් මහතා අද (18) නියම කළේය.

රුපියල් 1000 බැගින් වු මුදල් සහ රුපියල් 75,000 ක් බැගින් වු ශරීර ඇප දෙකක් මත ඔවුන් මුදා හැරිණි.

ඉකුත් 9 වැනිදා රාත්‍රී වත්තල, එඩේරමුල්ල ප්‍රාදේශීය කායවර්ධන ශිල්පියකුට පහර දී තියුණු ආයුධයකින් ඇන තුවාල සිදු කිරීමේ චෝදනා සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ සිටි ප්‍රියශාන්ත මහේෂ් නිශ්ශංක යන මාධ්‍යවේදී නිවේදකයා සහ ඔහුගේ වැඩිමහල් පුත් තනුජ කාවින්ද නිශ්ශංක (24) යන දෙදෙනාට මෙසේ ඇප නියම විය.

සිද්ධියට සම්බන්ධ ඇප මත සිටින නිවේදකයාගේ බාල පුතු ද අද (18) අධිකරණ හමුවේ පෙනී සිටියේය.

අධිකරණයෙන් ඇප නියමවු සැකකාර නිවේදකයාට සහ සැකකාර පුතුන්  දෙදෙනාට නැවත ඔක්තෝබර් 22 වැනි දා මහර මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.