විනීතා එම් ගමගේ
ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ සභාපති රවි ජයවර්ධන මහතා ඉල්ලා අස්වී ඇත.
ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා වෙත භාරදී තිබේ.
පෞද්ගලික හේතුන් මත ඉල්ලා අස්වීමේ ලිපිය භාර දුන් බවත් වසර තුනක් තිස්සේ එම ධූරය දැරූ බැවින් දැන් ඇතැයි සිතුණු බැවින් ඉල්ලා අසවූ බවත් ලංකාදීප කළ විමසීමකදී රවි ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
ආයතනය ලාභ ලබන ආයතනයක් බවට පත්කොට එහි ස්ථාවරත්වයක් සකසා ජාතික රූපවාහිනිය ජනතාව අතර ජනප්‍රිය නාලිකාවක් බවට පත්කිරීමට තමන්ට අවස්ථාව ලැබුණු බැවින් සතුටින් ආයතනයට සමුදෙන බව හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.