බම්බලපිටිය රූපලාවණාගාරයේ හිමිකරු දොස්තර නිමල් ගමගේ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ඒඑම් සහාබ්දීන් මහතා විසින් දැඩි ඇප කොන්දේසි මත මුදා හරිනු ලැබීය.
කොළඹ රිජ්වේ ආර්යා රෝහලේ දොස්තර පී ඒ ප්‍රියංගා ගේ මරණය සම්බන්ධයෙන් ඔහු රිමාන්ඩ් භාරයේ සිටියේය.
දොස්තර ගමගේගේ ගමන් බලපත්‍රයද උසාවි භාරයට ගැනිණි.
රුපියල් පනස් දහසක මුදල් ඇපයක් හා රුපියල් ලක්ෂ පහක ශරීර ඇප දෙකක් නියම විය.

