රුහුණේ සිසුවියන් පහකට පන්ති තහනම්
රැහුණු සරසවියේ පළමු වසරේ ඩී.වත්සලා කුමුදිනී ද සිල්වාට (21) නවක වදය දුන්නැයි දෙවැනි වසරේ සිසුවියන් පස් දෙනකුගේ ශිෂ්‍යභාවය තාවකාලිකව අත්හිටැවීමට තීරණය කළ බව නියෝජ්‍ය උපකුලපති මහාචාර්ය ගාමිණී සේනානායක පවසයි. චෝදනා පත්‍ර බාරදීමෙන් පසුව පරීක්ෂණ අරඹන බව ද ඔවුනට නිදහසට කරුණු කීමට ඉන් අවස්ථාව ලැබෙන බව ද හේ කියයි. වැරැදිකරුවන් වුවහෝත් ජිවිතාන්තයටම ශිෂ්‍ය භාවය අහෝසි කළ හැකි බව ද මහාචාර්යවරයා සඳහන් කරයි. පසුගිය 21 වැනි දා නවක වදයට ලක්වූ ඇය කොළඹ ජාතික රෝහලේ ප්‍රතිකාර ලබන්නීය.

