රුහුණු සිසුවිය ජාතික රෝහලට


රුහුණු සරසවියේදී නවක වදයට ලක්වූ කුමුදුනි ද සිල්වා (21) සිසුවිය මාතර සිට අද කොළඹ ජාතික රෝහලට මාරු කරනු ලැබිය. උසස් අධ්‍යාපන ඇමැති එස්.බී. දිසානායක මහතා විශේෂ ගිලන් රියක් මාතරට යවා තිබිණ. මීට සම්බන්ධ කිසිවකුට සමාවක් නොලැබෙන බව ඇමැති කීවේය. නියෝජ්‍ය උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක පැවසුවේ නවක වදය දුන් බව කියන කිහිප දෙනකුගේ තොරතුරු ලැබී ඇති බවයි.