රුහුණු අහසට අලුත් තරුවක්?


කිසිදා දැක නැති ආලෝකයක් සහිත ආකාශවස්තුවක් පෙර දින රාත්‍රී හතට පමණ දුටු බව අම්බලන්තොට ප්‍රදේශවාසීහු කියති. විශාල තරුවක් තරම් ලොකුවට මුලින් පෙනුණු ආලෝකය රාත්‍රී 12 වන විට කුඩා තරුවක් ප්‍රමාණයට දිස්වූ බවත්, මැදියම් රැයෙන් පසුව විට එය ඈතට ගමන් කරන ආකාරයක් දිස් වූ බවත් ගැමියෝ පවසති. පියවි ඇසින් බැලූ විට නිවී දැල්වෙන ආකාරයකින් ද කැමරා කාචයෙන් බැලූ විට ලානිල් පාට එළියක් සමග දීප්තිමත් ආලෝකයක් ඉහළට ගමන් කරන ආකාරයද දැක ඇත.