ක්‍රිෂාන් ජීවක ජයරැක්
නේවාසිකාගාර නීතී රීති කඩ කිරීම නිසා සරසවි සිසුවියන් සිව් දෙනෙකුගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයට කැඳවීමට ගනු ලැබු තීරණයට විරෝධය පලකරමින් එම සිසුන් පරිපාලන ගොඩනැගිල්ල ඉදිරිපිට ආරම්භ කළ විරෝධතා ව්‍යාපාරය හේතුවෙන් රුහුණ විශ්ව විද්‍යාලයේ තාක්ෂණ පීඨය අද (07) සිට දින නියමයකින් තොරව වසා දැමීමට කටයුතු කටයුතු කළ බව එහි උප කුලපති මහාචාර්ය ගාමිණී සේනානායක මහතා පැවසීය.
ඒ අනුව තාක්ෂණ පීඨයේ සිසුන්ට විශ්ව විද්‍යාලයෙන් හා නේවාසිකාගාර වලින් ඉවත්ව යන ලෙසට දැනුම් දී තිබූ අතර යලි එම පීඨය විවෘතකරන තෙක් ඔවුන්ට විශ්ව විද්‍යාල භූමිය තහනම් කලාපයක් බවට පත් කරතිබුණි.
ඒ පිලිබඳව අදහස් දැක්වු රුහුණවි විශ්ව විද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති බන්දුල දර්ශන සිසුවා මෙසේ කීය.
“තවත් සිසුවියන් පිරිසකගේ කාමරයකට ගිහින් කතා කලා කියලා අභූත චෝදනා නගමින් විශ්ව විද්‍යාලපාලන අධිකාරිය ඒ සිසුවියන්ගේ දෙමාපියන් විශ්ව විද්‍යාලයටකැඳවා සමාව ගන්නා ලෙසට ඔවුන්ට දැනුම් දී තිබෙනවා. එය නොකළ නිසා ඔවුන්ට විශ්ව විද්‍යාලයෙන් ඉවත්ව යන ලෙසටත් දැනුම් දී තිබෙනවා. ඒ සිසුවියන් සිව් දෙනාම අවුරුදු දහ අටට වැඩි අය. ඔවුන්ට සෘජු තීරණ ගන්න පුලුවන් වයසක ඉන්නේ. ඒ නිසා දෙමාපියන් කැඳවීම අවශ්‍ය නැහැ.
අනෙත් එක දෙමාපියන් ඒකට අදාලත් නැහැ. මහා ශිෂ්‍ය සංගමය ලෙස අපි ඒකට විරුද්ධයි.‘‘